ප්‍රධාන පුවත්

වගා නොකරන බදු ඉඩම් යළි රජයට පවරාගෙන ඵලදායී වගාකරුවන්ට ලබාදීමට පියවර

වගා නොකරන බදු ඉඩම් යළි රජයට පවරාගෙන ඵලදායී කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා උපදෙස් ලබාදී තිබේ.

වගා නොකරන බදු ඉඩම් 135ක් යළි පවරාගෙන ඵලදායී වගාවට

කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් රජය සතු ඉඩම් පුද්ගලයන්ට සහ ආයතනවලට බදු පදනම මත ලබාදී තිබුණද, ඇතැම් පාර්ශ්ව එම ඉඩම් අපේක්ෂිත වගා කටයුතු සඳහා යොදා නොගෙන අතහැර දමා ඇති බව අනාවරණය වී ඇත.

ඒ අනුව, මෙලෙස අක්‍රීයව පවතින බදු ඉඩම් හඳුනාගෙන අදාළ බදු ගිවිසුම්වල කොන්දේසි සහ නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ඒවා නැවත රජයට පවරා ගැනීමට නියමිතය.

දැනට වගා කටයුතු සිදු නොකරන බදු ඉඩම් හිමියන් 135 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, එම ඉඩම් යළි ලබාගෙන වගා කිරීමේ හැකියාව සහිත පාර්ශ්ව වෙත ඵලදායී කෘෂිකාර්මික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදීමට කටයුතු සූදානම් කර තිබේ.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීම, නව ආයෝජන අවස්ථා බිහිකිරීම මෙන්ම ග්‍රාමීය ජනතාවට නව ආදායම් මාර්ග උදාකරදීම ද අපේක්ෂා කෙරේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button