ප්‍රධාන පුවත්

පොලිස් සේවා දිගුවක් ගැන අවධානය

වයස අවුරුදු 60 සම්පූර්ණ කර ඇති යහපත් කල්ක්‍රියාවක් සහිත පොලිස් නිලධාරීන් සඳහා පොලිස් සේවා දිගුවක් ලෙස තවත් වසරක සේවා කාලයක් ලබාදීමේ හැකියාව පිළිබඳ රජයේ අවධානය යොමුව ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් විපක්ෂයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම යෝජනාව සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් 10,000ක් පොලිස් සේවයට අනුයුක්ත කර ඇති අතර, ඉන් 6,000 දෙනෙකු මේ වන විට රාජකාරි ආරම්භ කර ඇති බවය.

පොලිස් දෙපාර්තමේන්තුව තුළ මානව සම්පත් හිඟයක් පවතින බව පිළිගන්නා බව පැවසූ අමාත්‍යවරයා, එම හිඟය කළමනාකරණය කරමින් විශේෂයෙන් පහළ ශ්‍රේණිවල නිලධාරීන්ගේ රාජකාරි බර අවම කිරීම සඳහා අවශ්‍ය පියවර රැසක් මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බවද සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button