ප්‍රධාන පුවත්

2026 පළමු කාර්තුවේ බදු ආදායම බිලියන 606 ඉක්මවයි – 17.7%ක වර්ධනයක්

2026 වසරේ පළමු කාර්තුව තුළ රජය විසින් රුපියල් මිලියන 606,002ක (බිලියන 606කට අධික) බදු ආදායමක් රැස්කරගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුව අනුව, මෙය 2025 වසරේ එකම කාලය සමඟ සැසඳීමේදී සියයට 17.7ක වැදගත් වර්ධනයක් ලෙස දැක්වේ.

මෙම ආදායම සකස්වීමට ආදායම් බද්ද, එකතු කළ අගය මත බද්ද (VAT) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ඇතුළු සියලුම බදු ප්‍රභේදයන්ගෙන් ලැබුණු දායකත්වය බලපා ඇත.

තවද, 2026 වසර සඳහා ඉලක්ක කර ඇති මුළු බදු ආදායමෙන් සියයට 25ක් පමණ පළමු කාර්තුව තුළම රැස් කර ගැනීමට හැකිවීම විශේෂ කරුණක් ලෙස ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button