
ඉරානය – අමෙරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවමත් සක්‍රීයයි
ඉරානය – අමෙරිකාව සාකච්ඡා මැදිහත්කරුවන් ඔස්සේ අඛණ්ඩව සිදුවන බව ඉරානය පවසයි.
අමෙරිකාව සමඟ මතුව ඇති යුදමය ආතතිය මධ්‍යයේ වුවද, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සන්නිවේදනය සම්පූර්ණයෙන්ම බිඳ වැටී නොමැති බව ඉරාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.
ටෙහෙරානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එරට විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බඝෙයි සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ විවිධ මැදිහත්කරුවන් හරහා අමෙරිකාව සම්බන්ධයෙන් පණිවිඩ සහ අදහස් කිහිපයක් ලැබී ඇති බවයි.
එම සන්නිවේදනයන්හි අන්තර්ගතය හෙළි කිරීමට ඔහු ප්‍රතික්ෂේප කළද, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ක්‍රියාත්මක වන බව ඔහු අවධාරණය කළේය.
මෑතකාලීන හමුදාමය ගැටුම් පිළිබඳ අදහස් දක්වමින් බඝෙයි කියා සිටියේ, යුද්ධය සහ රාජ්‍යතාන්ත්‍රිකභාවය එකිනෙකට පරස්පර සංකල්ප නොවන බවයි. ජාතික අවශ්‍යතා සහ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය අවස්ථාවලදී මෙම ක්‍රම දෙකම භාවිතයට ගැනීම ඕනෑම රාජ්‍යයක ප්‍රතිපත්තියක් බවද ඔහු පෙන්වා දුන්නේය.
මේ අතර කලාපයේ නොසන්සුන්කාරී තත්ත්වය පහව යාම සඳහා කටාර්, ඕමාන් සහ පාකිස්තානය ඇතුළු රටවල් මැදිහත්කරුවන් ලෙස ක්‍රියාකරමින් අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා ඉදිරියට ගෙන යාමට අඛණ්ඩ උත්සාහයක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



