ප්‍රධාන පුවත්

මත්ද්‍රව්‍ය සහ අවි රැගෙන ගිය බවට සැක බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදු ප්‍රදේශයකදී සිදු කළ විශේෂ මෙහෙයුමක් අතරතුර, මත්ද්‍රව්‍ය තොගයක් බවට සැක කරන උර කිහිපයක් සහ අවි ආයුධ ප්‍රවාහනය කළ බවට සැක ඇති බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව පවසන්නේ, මුහුදු ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කර තිබූ විශේෂ සෝදිසි මෙහෙයුමක් අතරතුර මෙම යාත්‍රාව හඳුනාගෙන අත්අඩංගුවට ගත් බවයි.

අදාළ බහුදින ධීවර යාත්‍රාව මේ වනවිට වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා ගොඩබිම වෙත රැගෙන එමින් පවතින බවද වාර්තා වේ.

දිවයින වටා පිහිටි මුහුදු කලාපයන් ආරක්ෂා කරමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි සහ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බවද සඳහන් වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button