ක්‍රීඩා

ඔස්ට්‍රේලියා T20 සංචිතයට කමින්ස්, ස්මිත් නැහැ

 

එළඹෙන විස්සයි20 ලෝක කුසලානය සඳහා නම් කළ ඔස්ට්‍රේලියානු සංචිතයෙන් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් වන පැට් කමින්ස් සහ ස්ටීවන් ස්මිත් ඉවත් කිරීමට තීරණය කර ඇත.

කමින්ස්ට පවතින පිටුපස ආබාධ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටුව සඳහන් කරයි. ඒ අනුව ඔහු වෙනුවට බෙන් ඩ්වාර්ෂුයිස් අවසන් ක්‍රීඩකයින් 15 දෙනාගේ සංචිතයට එක් කර ඇත.

එසේම, අවසන් වූ බිග් බෑෂ් ලීග් තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා පෙන්වූ පළපුරුදු ක්‍රීඩක ස්ටීවන් ස්මිත්ටද මෙවර සංචිතයේ ස්ථානයක් හිමිව නැත. ඔහු එම තරගාවලියේ තරග 6ක් පමණක් ක්‍රීඩා කරමින් ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟ ලකුණු 299ක් රැස් කර තිබුණි. එහිදී 167.97ක ප්‍රහාරාත්මක වේගයක් පවත්වාගෙන ගියද, ඔහු සංචිතයට නොතේරීම විශේෂ අවධානයට ලක්ව ඇත.

මීට අමතරව මැතිව් ෂෝර්ට්ද සංචිතයෙන් ඉවත් කර ඇති අතර, ඔහු වෙනුවට මැට් රෙන්ෂෝ කණ්ඩායමට කැඳවා ඇත.

T20 ලෝක කුසලානයට නම් කළ ඔස්ට්‍රේලියානු සංචිතය

මිචෙල් මාෂ් (නායක), සේවියර් බාට්ලට්, කූපර් කොනොලි, ටිම් ඩේවිඩ්, බෙන් ඩ්වාර්ෂුයිස්, කැමරන් ග්‍රීන්, නේතන් එලිස්, ජොෂ් හේසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිස්, මැට් කුහ්නමන්, ග්ලෙන් මැක්ස්වෙල්, මැට් රෙන්ෂෝ, මාකස් ස්ටොයිනිස්, ඇඩම් සැම්පා

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button