අද විශේෂ

ASP රොහාන් ඕලුගල වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

පානදුර, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නව අධ්‍යක්ෂවරයා ලෙස පත්කෙරුණු සහකාර පොලිස් අධිකාරී (ASP) රොහාන් ඕලුගල මහතා අද (05) දින සිය නව ධුරයේ රාජකාරි ආරම්භ කළේය.

ඔහු මේ වනවිට දරන තනතුරට අමතරව විශේෂ කාර්ය බළකායට (STF) අනුයුක්තව මුළු දිවයිනම ආවරණය වන පරිදි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කිරීමට නියමිතය.

සංවිධානාත්මක අපරාධකරුවන් නීතියට හසුකර ගැනීම සඳහා දේශීය සහ අන්තර්ජාතික මට්ටමින් සිදුකළ පොලිස් මෙහෙයුම් රැසක් සාර්ථකව මෙහෙයවා තිබීමද ඕලුගල මහතාගේ විශේෂත්වයකි.

ඒ අතරින් කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමද, සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු නේපාලයේදී අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමද ඔහු විසින් මෙහෙයවූ සාර්ථක මෙහෙයුම් අතර වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button