
කාලගුණය
ඔක්තෝබර් 29 කාලගුණ අනාවැකිය – පළාත් කිහිපයකට වැසි
ඔක්තෝබර් 29 කාලගුණ අනාවැකිය අනුව අද දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඔක්තෝබර් 29 කාලගුණ අනාවැකිය: පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි
ඌව පළාතේත් මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතී.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
මෙම කාලගුණ අනාවැකිය 2026 ඔක්තෝබර් 29 වැනිදා උදෑසන 5.30ට නිකුත් කර ඇත.



