ප්‍රධාන පුවත්

උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට නිවේදනයක්

උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම සම්බන්ධව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් හා අනෙකුත් උපාධිධාරීන් මෙලෙස සේවයට බඳවා ගැනීම තීරනය කර ඇති බව සඳහන් වේ.

 

 

එම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ අංක 2474/18 හා 2026. පෙබරවාරි .02 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් 2023.පෙබරවාරි.10 දිනට රාජ්‍ය සේවයේ නියුතුව මේ වන විටත් රාජ්‍ය සේවයේ සිටින 2023.02.10 දිනට වයස අවුරුදු හතලිස් පහට (45) නොවැඩි සහ එදිනට උපාධි සුදුසුකම් සම්පූර්ණ කරන ලද අයදුම්කරුවන්ට මේ සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලස්වා දී ඇති බවය.

 

ඒ අනූව අංක 2474/19 හා 2026.02.02 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් පහත සඳහන් කර ඇති කාණ්ඩ යටතේ උපාධි සුදුසුකම් සම්පූර්ණ කරන ලද අයදුම්කරුවන්ට අයදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇත. 

 

2023.02.10 දිනට වයස අවුරුදු 40ට අඩු, ගැසට් නිවේදනය අනුව උපාධි සුදුසුකම සම්පූර්ණ කළ රාජ්‍ය සේවයේ නිරත නොවන උපාධිධාරීන්,
 

2023.02.10 දිනට වයස අවුරුදු 40ට අඩු, ගැසට් නිවේදනය අනුව උපාධි සුදුසුකම සම්පූර්ණ කළ 2023.02.10 දිනට පසු රාජ්‍ය සේවයේ පත්වීම් ලබා මේ දක්වා සේවයේ නිරත වන නිලධාරින්,
 

2023.02.10 දිනට වයස අවුරුදු 40ට අඩු, ගැසට් නිවේදනය අනුව උපාධි සුදුසුකම සම්පූර්ණ කර 2023.02.10 දිනට රාජ්‍ය සේවයේ නිරත වුවද මේ වන විට විධිමත් අනුමැතියකින් එම තනතුරෙන් ඉල්ලා අස් වී ඇති නිලධාරීන්,
 

2023-02-10 දිනට වයස අවුරුදු 40ට අඩු, ඒ වන විටත් රාජ්‍ය සේවයේ තනතුරක් දරන ගැසට් නිවේදනය අනුව 2023-02-10 දිනෙන්  පසු උපාධි සුදුසුකම ලැබූ රාජ්‍ය නිලධාරින්,
 

2023.01.27 දින පලකරන ලද අංක 2317 දරණ ගැසට් නිවේදනය මඟින් දැනටමත් අයදුම්පත් යොමු කළ පිරිස් මේ වන විටත් රාජ්‍ය සේවයේ නිරත වන්නේ නම්, මෙම ගැසට් නිවේදනයට අනූව නැවත අයදුම් කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවත් එම පෙර අයදුම්කළ අයදුම් පත්‍රයේ සඳහන් දුරකථන අංකය, ජාතික හැදුනුම්පත් අංකය, ලිපි ලැබෙන ලිපිනයන් සංශෝධනය වී ඇත්නම් පමණක් විභාග දෙපාර්තමේන්තුව වෙත අදාළ යොමු ඔස්සේ ඉල්ලීම් ඉදිරිපත් කර එම සංශෝධන සිදු කිරීමටත් අයදුම්පත්‍රය භාගත කර ගැනීමටත් අවස්ථාව සලසා දී ඇති බව අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේය.

 

අදාල ගැසට් නිවේදන සම්බන්ධ වැඩිදුර විමසීම් සඳහා (සිංහල බසින්  – 0112-784819/ 0112-785634/ Hotline 1988)  – (දෙමළ බසින්  – 0112-785634), (ඉංග්‍රීසි බසින් – 0112-785258/ 0112-784819/ 0112-787399) – (වැඩකරන දිනයන් හී පමනක් පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා) ඇමතීමෙන් ලබා ගත හැකි බව අමාත්‍යාංශය වැඩිදුරටත් සිය නිවේදනය මගින් සඳහන් කර තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button