
එංගලන්තයට ජය
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති අවසන් 20-20 තරගය ලකුණු 12කින් ජය ගැනීම එංගලන්ත කණ්ඩායම අද (03) සමත්විය.
ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාලිය 3ට 0ක් ලෙස එංගලන්තය ජය ගත්තේය.
තරගයේ කාසියේ දිනූ එංගලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ් අනුව පිටියට පිවිසි එංගලන්ත පිළේ පළමු කඩුල්ල පළමු පන්දුවාරයේදීම දවා ගැනීමට දුෂ්මන්ත චමීර සමත්වුණි.
ඉන්අනතුරු මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, දුනිත් වෙල්ලාලගේ සහ ඒංගලන්ත මුල්පෙළ පිතිකරුවන් දවා ගත්තේ එංගලන්ත මුල් කඩුලු 6 ලකුණු 60ක් තුළ දවා ගනිමින්ය.
සෑම් කරන්ගේ විශිෂ්ට ඉනිම ලකුණු 58ක් රැස් කරමින් එංගලන්ත ඉනිම ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියේය.
ඒ අනුව එංගලන්ත පිල නියමිත පන්දුවාර 20දි කඩුලු 9ක් දැවී ලකුණු 128ක් රැස් කළේය.
මේ අතර සිය 20-20 දිවියේ හොඳම පන්දුයැවීම වාර්තා කළ දුෂ්මන්ත චමීර ලකුණු 24කට කඩුලු 5ක් බිඳ හෙළුවේය.
ඉන් අනතුරුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 4ක ලකුණු 62ක් තුළ බිඳවැටුණි.



