කාලගුණය

උණුසුම් කාලගුණය අතර ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි අවදානමක්

අද දිනට අදාලව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ නිකුත් කල අදි අවදානම් උනුසුම් කාලගුණ නිවේදනයත් සිහිපත් කරමින්  අද දිනයේ  කාලගුණ නිවේදනය.

දිවයින පුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරියටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට අමතරව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරු 2.00ට පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද අනාවරණය කර ඇත.

අනෙක් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතින අතර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන වේලාවේ මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන් වේ.

තවද, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අවධානය යොමු කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button