Business

ඉතිහාසයේ ප්‍රථම වරට රන් මිල ඩොලර් 5,500 සීමාව ඉක්මවයි

  • ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල ඉතිහාසයේ ප්‍රථම වරට අමෙරිකානු ඩොලර් 5,500 සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද (29) අලුයම වන විට රන් අවුන්සයක මිල ඩොලර් 5,579ක් ලෙස සටහන් වී ඇත.

ඊයේ (28) දිනයේදී එම මිල ඩොලර් 5,164ක් ලෙස පැවති බව සඳහන් වේ.

අමෙරිකානු ඩොලරයේ පවතින අවිනිශ්චිතභාවය හේතුවෙන් ලොව පුරා ආයෝජකයින් සහ මහ බැංකු විසින් රත්‍රන් වෙත වැඩි වශයෙන් ආයෝජනය කිරීම සහ සංචිත වශයෙන් රත්‍රන් රැස් කිරීම, රන් මිල අඛණ්ඩව ඉහළ යාමට ප්‍රධාන හේතුවක් බව විදෙස් ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button