ප්‍රධාන පුවත්

මතීෂා ජිනන්ජලී ජයතිලක නව පරිවාස කොමසාරිස් ලෙස පත් වෙයි

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස්වරිය ලෙස මතීෂා ජිනන්ජලී ජයතිලක මහත්මිය පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරිනියක වන ඇය, පුරප්පාඩුව පැවති අදාළ තනතුර සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇත.

මතීෂා ජිනන්ජලී ජයතිලක මහත්මිය මීට පෙර අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන) ලෙස සේවය කර ඇති අතර, නව තනතුරේ වගකීම් කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා ඇය සතු පළපුරුද්ද හා සුදුසුකම් සැලකිල්ලට ගෙන මෙම පත්වීම සිදුකර තිබේ.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සලකා බැලීමෙන් අනතුරුව මෙම පත්කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button