විශේෂාංග

ජනගහනයෙන් 84%ක් ඇස් දන්දීමට කැමැත්ත පළ කරයි

ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට 84ක පිරිසක් ඇස් දන්දීම සඳහා කැමැත්ත පළකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කරයි.

ජාතික අක්ෂි බැංකුව ආරම්භ වී වසර 15ක් පුරා එයට ලැබී ඇති අක්ෂි කුණිත 17,000ක් රෝගීන් 12,000කට සාර්ථකව බද්ධ කර ඇති බවද සඳහන් වේ.

එමෙන්ම විදේශ රටවල ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් අක්ෂි කුණිත 4,000ත් 5,000ත් අතර ප්‍රමාණයක් පරිත්‍යාග කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.

ජාත්‍යන්තර පිළිගැනීම හිමි ආයතනයක් ලෙස ජාතික අක්ෂි බැංකුව ක්‍රියාත්මක වන අතර සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව ඇතුළු ආසියානු සහ අනෙකුත් රටවලින්ද මෙරට අක්ෂි කුණිත සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව වාර්තා වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button