ව්‍යාපාරික

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය: සුදු ඩීසල් 281ට, සුපිරි ඩීසල් 329ට

මාසික මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට Ceylon Petroleum Corporation (ලංකා ඛනිජ තෙල් සංස්ථාව) තීරණය කර ඇති අතර නව මිල ගණන් අද (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.

නව සංශෝධනය අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 4කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 281කි. රුපියල් 323ක් ලෙස පැවැති සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6කින් වැඩි කර ඇති අතර ඒ අනුව එය රුපියල් 329ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියලකින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 293ක් වේ.

කෙසේ වෙතත් ලංකා භූමිතෙල් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මිල සංශෝධනය කර නොමැති බව සංස්ථාව නිවේදනය කරයි. ඒ අනුව භූමිතෙල් ලීටරයක මිල රුපියල් 182ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 340ක් ලෙස පවතී.

මෙම සංශෝධනයත් සමඟ රට තුළ ඉන්ධන මිල තත්ත්වය යළිත් අවධානයට ලක්ව තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button