කාලගුණය

අද පස්වරු 1න් පසු තද වැසි අනතුරු ඇඟවීම – ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (21) පස්වරු 1.00ට පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට අමතරව ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ දැක්වේ.

තවද මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව අනාවරණය කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button