
කාලගුණය
අද දින සවස් කාලයේ තරමක තද වැසි
ජනවාරි (31) වන දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අනාවැකියේ සඳහන් වෙයි.
අනාවැකියට අනුව මුලතිවු, ත්‍රිකුණාමලය පොළොන්නාරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.
ඌව සහ වයඹ පළාත්වල ද වැසි වාර කිහිපයක් ඇතිවෙයි.
දිවයිනේ අනෙක් ප්‍රදේශවල පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවීමට හැකියාව පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඊට අමතරව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවීමට හැකියාව පවතින බව සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනජනතාවගෙන් ඉල්ලීමක් කරයි.



