
ප්‍රධාන පුවත්
1990 ගිලන්රථ සේවයට කොළඹ 07 නව කාර්යාලයක් විවෘත කරයි
මේ දිනවල බහුලව අසන්නට ලැබෙන මර්ග අනතුරු සහ හදිසි අනතුරුව හමුවේ මාහැඟි සේවයක් ඉටු කරන 1990 ගිලන්රථ සේවාවේ නව කාර්යාලය අද (04) දිනයේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර ඇත.
කොළඹ 07, හෝටන් පෙදෙසේ පිහිටි මෙම නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු මැතිඇමතිවරුන් කිහිපදෙනෙකු සහභාගී වූහ.
මෙම නව කාර්යාලය හරහා 1990 ගිලන්රථ සේවාවේ සේවා කාර්යයන් වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.



