යුද්ධ සහ ගැටුම්

ඉරානයට තීරණාත්මක පැය කිහිපයක්? ට්‍රම්ප්ගේ සටහනෙන් උණුසුම් වූ ලෝක අවධානය

ඉදිරි පැය කිහිපය ඉරානය සඳහා තීරණාත්මක අවධියක් විය හැකි බවට ජාත්‍යන්තර මට්ටමින් අවධානය යොමුව තිබේ.

මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මීට සුළු මොහොතකට පෙර තම Truth Social ගිණුම හරහා ප්‍රකාශයට පත් කළ සටහනකි.

එම සටහනේ සඳහන් කර ඇත්තේ, අමෙරිකානු වේලාවෙන් අද රාත්‍රිය “මුළු ශිෂ්ටාචාරයකම අවසානයක් විය හැකි” බවයි. එවැනි තත්ත්වයක් සිදුවීම තමන් කැමති නොවූවත්, එය සිදුවීමේ ඉඩකඩ ඇති බවත් ඔහු සදහන් කර ඇත.

තවද, වෙනස් සහ බුද්ධිමත් මතයක් ඇති පාර්ශවයක් සිටින විට, විප්ලවීය පරිවර්තනයක් සිදුවීමට හැකි බවද එම සටහනේ දක්වා තිබේ.

ලොව දිගු සහ සංකීර්ණ ඉතිහාසයේ වැදගත්ම අවස්ථාවක් විය හැකි මෙම රාත්‍රිය තුළ, එහි ප්‍රතිඵලය තීරණය වනු ඇති බවටද ඔහු අවධාරණය කර ඇත.

මෙම සටහන ප්‍රකාශයට පත් කර ඇත්තේ, හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා ඉරානයට ලබා දී තිබූ කාල සීමාව අමෙරිකානු වේලාවෙන් අද රාත්‍රි 8.00ට අවසන් වීමත් සමඟය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button