
ආවා කල්ලියේ දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
පසුගියදා අත්අඩංගුවට ගත් ආවා කල්ලියේ සාමාජිකයින් දෙදෙනා දින 90ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලිස් මධ්‍යම අපරාධ කාර්යංශය අවසර ලබාගෙන ඇත.
මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඉන්දියාවට පළාගොස් සිටි මෙම පුද්ගලයින් දෙදෙනා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක ප්‍රකට ආවා කල්ලියේ සාමාජිකයින් වන මෙම සැකකරුවන්, 2016 වසරේ මනිපායි ප්‍රදේශයේ සිදු වූ ඝාතනයකට පසුව ඉන්දියාවට පළාගොස් සිටි බව වාර්තා වේ.
ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කර තිබූ අතර, කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා මධ්‍යම අපරාධ කාර්යංශය වෙත බාර දී ඇත.
මූලික විමර්ශනවලදී මෙම සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වා කුලී වෙඩික්කරුවන් සැපයීමේ ජාවාරමක නිරත වී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.



