
කාදිනල් හිමිගේ ඉල්ලීම
මුතුරාජවෙල තෙත්බිම් කලාපය සුරක්ෂිත කර ගැනීම සඳහා “මුතුරාජවෙල සංවර්ධන අධිකාරිය” නමින් විශේෂ ආයතනයක් ස්ථාපිත කරන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
අද (05) අගරදගුරු මැදුරේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ අවධාරණය කළේ, ගම්පහ දිස්ත්‍රික්කයේ ස්වභාවික ජලය බැසයාමේ ක්‍රමවේදය මුතුරාජවෙල තෙත්බිම් හරහා ක්‍රියාත්මක වන බැවින්, එම කලාපය තුළ සිදුවන අනවසර ඉදිකිරීම් අඛණ්ඩව පවතින හේතුවෙන් ඉදිරියේදී යළිත් ගම්පහ දිස්ත්‍රික්කයට මහා ගංවතුර අවදානමක් මතුවිය හැකි බවයි.
මුතුරාජවෙල තෙත්බිම් කලාපය තුළ දිනෙන් දින වර්ධනය වන අනවසර ඉදිකිරීම් සහ එම ප්‍රදේශය රැකගැනීම සඳහා ගතයුතු පියවර පිළිබඳව අද පෙරවරුවේ අගරදගුරු මැදුරේදී මෙම සාකච්ඡාව පැවැත්වුණි.
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුද සහභාගී වී සිටියහ.



