කාලගුණය

තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක් – මුහුද රළු වෙයි

තද සුළං සහ රළු මුහුදු තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර දක්වා ඉහළ යා හැකිය.

ඒ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගනු ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එබැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත වන පිරිස් මේ පිළිබඳව අවධානය යොමු කර ආරක්ෂිතව කටයුතු කරන ලෙස දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

අදාළ අවවාදාත්මක නිවේදනය හෙට (04) පෙරවරු 10.30 දක්වා බලපැවැත්වෙන බවද වැඩිදුරටත් සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button