
අද විශේෂ
සුරේෂ් සලේ වෙනුවෙන් සත්‍යග්‍රහයක් ඇරඹේ
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට රඳවා තබාගෙන සිටින කාලය තුළ අමානුෂික හා කෘර ලෙස සැලකෙන බවට එල්ල වන චෝදනාවන්ට විරෝධය පළ කරමින් සංවිධානය කළ අඛණ්ඩ සත්යග්රහ ව්‍යාපාරයක් අද (08) ආරම්භ කෙරිණි.
විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක එක්වීමෙන් සංවිධානය කළ මෙම සත්‍යග්‍රහය කොළඹ කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී පැවැත්වෙන අතර, විවිධ පක්ෂ නියෝජනය කරන දේශපාලන නියෝජිතයින් රැසක් ඊට සහභාගි වී සිටිති.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ චෝදනා පදනම් කරගෙන සලේ මහතා ඉකුත් පෙබරවාරි 25 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඉන් අනතුරුව රැඳවුම් නියෝග යටතේ ඔහු එම දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තැබූ අතර, පසුව ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.



