
කාලගුණය
අද කාලගුණ අනාවැකිය: ප්‍රදේශ කිහිපයකට මි.මී.100ක තද වැසි
අද කාලගුණ අනාවැකිය අනුව අද (31) දිනය තුළ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කළේය. අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ස්වල්ප වැසි අපේක්ෂා කරන අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇත.
මේ අතර උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වල මෙන්ම රත්නපුර, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා තද සුළං හමා යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.



