
අද කාලගුණය – වියළි තත්ත්වය තවදුරටත්
අද කාලගුණය අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට වැසි ස්වල්පයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු-මැද සහ වයඹ පළාත්වලට අමතරව මොණරාගල, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා වේගයෙන් තද සුළං හමන හැකියාවක් පවතී.
මේ අතර, මුලතිව්, වව්නියාව, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් ඊයේ (14) පස්වරුවේ නිකුත් කර ඇත.
ඒ අනුව, එම ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බැවින්, ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෘජු හිරු එළියට දිගු වේලාවක් නිරාවරණය වීමෙන් වැළකීම සහ අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපැදීම සුදුසු බව දැනුම් දී තිබේ.



