
ප්‍රධාන පුවත්
සලේගේ පෙත්සමට මැදිහත්වීමේ ඉල්ලීම් අධිකරණයෙන් ප්‍රතික්ෂේපයි
සුරේෂ් සලේගේ පෙත්සමට මැදිහත් වී කරුණු ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා ගොනු කළ අතරමැදි පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (22) තීරණය කර තිබේ.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා තැබීම අභියෝගයට ලක් කරමින් මෙම රිට් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
බෙංගමුවේ නාලක හිමියන් ඇතුළු පිරිසක් පෙත්සම් ගොනු කර තිබුණි
සුරේෂ් සලේ මහතාගේ පෙත්සම විභාගයට ගැනීමේදී ඊට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් මෙම අතරමැදි පෙත්සම් ගොනු කර තිබුණි.
කෙසේ වෙතත්, එම ඉල්ලීම් සලකා බැලූ අභියාචනාධිකරණය ඒවා ප්‍රතික්ෂේප කිරීමට නියෝග කර ඇත.



