කාලගුණය

ප්‍රබල අකුණු ගැන අවවාදයක්

ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින ප්‍රදේශ සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව ඌව, නැගෙනහිර, මධ්‍යම සහ උතුරු මැද පළාත්වල මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේද අද (16) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි අවදානමක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අදාළ ප්‍රදේශවල තාවකාලිකව තද සුළං තත්ත්වයක් ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

අද (16) පෙරවරු 10.30ට නිකුත් කළ මෙම අවවාදාත්මක නිවේදනය රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button