කාලගුණය

අදත් ප්‍රදේශ රැසකට මි.මී. 100 දක්වා තද වැසි අවදානමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (05) දිනය තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

එම නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලටද වැසි තත්ත්වය වැඩි වශයෙන් බලපානු ඇත. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වර්ෂාපතනයක් වාර්තා විය හැකි බව ද සඳහන් වේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට පමණක් සැහැල්ලු වැසි ඇතිවිය හැකි අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු සහ උතුරු-මැද පළාත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං හමා යාමේ හැකියාවක් පවතින බව ද කාලගුණ අංශය පෙන්වා දෙයි.

ඊට අමතරව සෙසු ප්‍රදේශවල ද පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයකින් තරමක තද සුළං ඇතිවිය හැකි බව සඳහන් වේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු හා හදිසි සුළං තත්ත්වයන් හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ජනතාවට උපදෙස් ලබාදී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button