
සෞඛ්‍යය
ඩෙංගු රෝගීන් 84724 දක්වා ඉහළට – ඩෙංගු මරණ 62ක්
මෙරට ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යමින් පවතින අතර, මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් 84724 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එම ඒකකය නිකුත් කළ නවතම වාර්තාවට අනුව, ඩෙංගු හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 62 දෙනෙකු මියගොස් තිබේ. ජූලි මාසයේ 30 වැනිදා දක්වා පමණක් වාර්තා වී ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 29,350කි.
දිස්ත්‍රික්ක අනුව වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය 17,971කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16,814ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,873ක් හඳුනාගෙන ඇත.
පළාත් මට්ටමින් බැලූ විට බස්නාහිර පළාතෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 44,829ක් වාර්තා වී තිබේ. දකුණු පළාතෙන් රෝගීන් 12,738ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 7,370ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.



