ක්‍රීඩා

ශ්‍රී ලංකා A කණ්ඩායමට ඇෆ්ගනිස්ථානයට එරෙහිව කඩුලු 8ක ජයක්

ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම සමඟ අද (13) පැවති එක්දින තරගයෙන් ඩක්වත්-ලුවිස් (DLS) න්‍යායට අනුව කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය.

දඹුල්ල රංගිරි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන A පිල පන්දුවාර 49.4ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 245ක් රැස් කළේය. එහිදී හසන් ඉශකිල් ලකුණු 46ක් සහ බහිර් ෂාහ් ලකුණු 44ක් ලබාගත් අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් චාමික ගුණසේකර කඩුලු 3ක් දවාගත්තේය.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා A කණ්ඩායමට වර්ෂාව හේතුවෙන් සංශෝධිත ඉලක්කයක් හිමි වූ අතර, DLS න්‍යායට අනුව පන්දුවාර 41කදී ලකුණු 231ක් ලබාගැනීමේ අභියෝගය එල්ල විය.

එම ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී පන්දුවාර 28.1කදී සපුරාලූ ශ්‍රී ලංකා A පිල වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 108ක් සහ සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 60ක් රැස් කරමින් ජයග්‍රහණය තහවුරු කළහ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button