
21) පළාඅදත් කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි අවදානමක්
අද (21) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්ව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම තත්ත්වය හේතුවෙන් අද දිනය තුළ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලටත්, හම්බන්තොට දිස්ත්‍රික්කයටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ. සෙසු ප්‍රදේශවල පස්වරු 1.00ට පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත්, මඩකළපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට අධික තද වැසි බලාපොරොත්තු විය හැක. එසේම, සෙසු ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75ට වැඩි ප්‍රමාණයේ වැසි ද ඇතිවිය හැකි බව සඳහන් වේ.
මේ අතර මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද අනාවරණය කරයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු හේතුවෙන් අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.



