
යුද්ධ සහ ගැටුම්
හෝමූස් සමුද්‍ර සන්ධිය අසල නෞකා දෙකට ප්‍රහාරයක් – විදෙස් මාධ්‍ය හෙළි කරයි
හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ ගමන් කරමින් සිටි නෞකා දෙකකට අද (18) ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සමුද්‍ර ආරක්ෂක මූලාශ්‍ර උපුටා දක්වමින් මෙම වාර්තා ප්‍රකාශ කර ඇති අතර, එම යාත්‍රා සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට පැමිණි අවස්ථාවේදී මෙම සිද්ධිය සිදුවී ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, ප්‍රහාරයේ ස්වභාවය, හානි පිළිබඳ තොරතුරු හෝ සම්බන්ධ පාර්ශවයන් පිළිබඳව මේ වන තෙක් විස්තරාත්මක තොරතුරු අනාවරණය වී නොමැත.




