
දිස්ත්‍රික්ක රැසකට උණුසුම් කාලගුණය ගැන අනතුරු ඇඟවීමක්
උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව දැනුම් දෙමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම දැනුම්දීම උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම යාපනය, කිළිනොච්චිය, මුලතිව්, වව්නියා, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට අදාළ වේ.
අදාළ ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමකට ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ හේතුවෙන් පවතින තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවට උපදෙස් ලබාදී ඇත.
විශේෂයෙන්ම දවස පුරා ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම වැදගත් බවත්, හැකි සෑම අවස්ථාවකදීම සෙවණ සහිත ස්ථානවල රැඳී සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
නිවෙස් තුළ සිටින වැඩිහිටි පුද්ගලයින් මෙන්ම රෝගී පුද්ගලයින් සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා තිබේ.
තවද උණුසුම් කාලගුණය පවතින අවස්ථාවලදී ශරීරයට පහසු සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කිරීම සුදුසු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාව දැනුම්දී ඇති ආරක්ෂිත උපදෙස් පිළිපදිමින් අධික උණුසුමෙන් ඇතිවිය හැකි බලපෑම් අවම කර ගැනීමට කටයුතු කරන ලෙස දැනුම්දී තිබේ.



