අද විශේෂ

රටවල් රැසක Facebook instagram වෙබ් සේවාව බිඳවැටෙයි – පරිශීලකයන්ට පිවිසීමේ ගැටලු

Facebook instagram වෙබ් සේවාව බිඳවැටීම හේතුවෙන් රටවල් කිහිපයක පරිශීලකයන්ට අද (19) පස්වරුවේ Facebook වෙබ් අඩවිය වෙත පිවිසීමේ ගැටලු මතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අන්තර්ජාල සේවා බිඳවැටීම් නිරීක්ෂණය කරන Downdetector වෙතද කෙටි කාලයක් තුළ පැමිණිලි දහස් ගණනක් ලැබී ඇති අතර, බොහෝ පරිශීලකයන් පවසා ඇත්තේ පරිගණක සහ ලැප්ටොප් හරහා Facebook වෙබ් අඩවියට පිවිසීමට උත්සාහ කිරීමේදී “Account Temporarily Unavailable” යන පණිවිඩය දර්ශනය වූ බවයි.

වාර්තා අනුව මෙම ගැටලුව ප්‍රධාන වශයෙන් Facebook වෙබ් අඩවියට බලපා ඇති අතර, ජංගම යෙදවුම බොහෝ පරිශීලකයන්ට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වී තිබේ.

මේ අතර Instagram භාවිත කරන්නන්ගෙන්ද ඇතැම් ගැටලු පිළිබඳ වාර්තා ලැබී තිබුණද, ඒවා Facebook වෙබ් අඩවියේ බිඳවැටීම තරම් පුළුල් මට්ටමක නොවන බව සඳහන් වේ.

මේ වන විටත් මෙම බිඳවැටීමට හේතුව සම්බන්ධයෙන් Meta සමාගම නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button