
කාන්තාවන්ට රාත්‍රී කාලයේ සනීපාරක්ෂක හා ආහාරපාන සේවයේ යෙයෙදීමට අවසර
කාන්තාවන් රාත්‍රී කාලයේ සනීපාරක්ෂක සේවිකාවන් සහ ආහාරපාන පිළිගන්වන සේවිකාවන් ලෙස සේවයේ යෙදවීමට තිබූ සීමා ඉවත් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් සාප්පු හා කාර්යාලීය සේවකයින් පිළිබඳ පනතට සංශෝධනයක් සිදුකරමින් මෙම අවසරය ලබා දී ඇති බව වාර්තා වේ.
මීට පෙර, අදාළ පනත අනුව අවුරුදු 18ට වැඩි කාන්තාවන් කාන්තා වැසිකිලි සේවිකාවන් ලෙස පස්වරු 6.00ට පසුව සේවයේ යෙදවිය හැකි බව පමණක් නියම කර තිබුණි.
නව ගැසට් නිවේදනයේ සංශෝධනය මගින් අවුරුදු 18ට වැඩි කාන්තාවන්ට කාන්තා සනීපාරක්ෂක සේවිකාවන් හෝ ආහාරපාන පිළිගන්වන සේවිකාවන් ලෙස පස්වරු 6.00ට පසුව සිට පසුදා පෙරවරු 6.00ට පෙර දක්වා සේවයේ යෙදවිය හැකි බව සඳහන් වේ.
එමෙන්ම, එම කාලසීමාව තුළ ආරක්ෂිත ප්‍රවාහන සේවා, සේවයේ නිරත වන කාන්තාවන් සඳහා සුදුසු නවාතැන් පහසුකම්, සෞඛ්‍ය ආරක්ෂාව සහ සාමාජික සුභසාධනය සම්බන්ධයෙන් සේවා යෝජකයා වගකිවයුතු බව කම්කරු අමාත්‍යංශය වැඩිදුරටත් අවධාරණය කර තිබේ.



