ව්‍යාපාරික

South Pars ප්‍රහාරයෙන් බලශක්ති වෙළෙඳපොළ කම්පනයට – බොරතෙල් මිල ඉහළට,

පසුගියදා ලොව විශාලතම ස්වභාවික වායු නිධියක් ලෙස සැලකෙන ඉරානයේ South Pars බලශක්ති සංකීර්ණය ඉලක්ක කරමින් එල්ල වූ ප්‍රහාර මාලාවක් හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළෙඳපොළ දැඩි පීඩනයකට ලක්ව තිබේ.

ඒ අනුව, ආසියානු වෙළෙඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 4% කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් 112 දක්වා පැමිණ ඇත. එමෙන්ම, අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් මිල ද 3% කින් ඉහළ ගොස්, බැරලයක් ඩොලර් 99.27 ලෙස සටහන් වී ඇත.

මෙම තත්ත්වය බලශක්ති සැපයුම සම්බන්ධ අස්ථිරතාවයන් ඉහළ යාමට හේතු වී ඇති අතර, එය ආසියානු කොටස් වෙළෙඳපොළවලටද අහිතකර ලෙස බලපා තිබේ.

ඒ අනුව අද (19) උදෑසන වන විට ප්‍රධාන ආසියානු කොටස් වෙළෙඳපොළවල පහත වැටීම් වාර්තා වී තිබුණි:

දකුණු කොරියාවේ Kospi දර්ශකය – 3% කින් පහළට

ජපානයේ Nikkei 225 – 2.8% කින් පහළට

ඔස්ට්‍රේලියාවේ ASX 200 – 1.6% කින් පහළට

මෙම පසුබිම තුළ, ගෝලීය බලශක්ති අර්බුදය තවදුරටත් උත්සන්න විය හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button