
ව්යාපාරික
ශ්රී ලංකාවේ නිල සංචිත වත්කම් 1.1%කින් පහළට
ශ්රී ලංකාවේ නිල සංචිත වත්කම් 2026 සැප්තැම්බර් මාසය තුළදී 1.1%කින් අඩු වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
2026 අගෝස්තු මාසය අවසානයේදී අමෙරිකානු ඩොලර් මිලියන 6,929ක් ලෙස පැවති නිල සංචිත වත්කම් ප්රමාණය සැප්තැම්බර් මාසය අවසන් වන විට අමෙරිකානු ඩොලර් මිලියන 6,851ක් දක්වා පහළ ගොස් තිබේ.
ශ්රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම නිල සංචිත වත්කම් ප්රමාණයට චීන මහ බැංකුව සමඟ ඇති කරගෙන තිබෙන මුදල් හුවමාරු පහසුකම යටතේ ලැබුණු ප්රතිපාදනද ඇතුළත් වන බවයි.



