කාලගුණය

පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්

දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් පෙබරවාරි මස 08 සිට 11 දක්වා බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එම දෙපාර්තමේන්තුව මගින් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඌව පළාතේත් අම්පාර, මාතලේ, නුවරඑලිය, මඩකලපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය.  

 

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ප.ව 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. 

එම දෙපාර්තමේන්තුව තව දුරටත් පැවසුවේ මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැක.

 

ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button