
කාලගුණය
දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත වැසි
අද (14) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම කාලගුණ වාර්තාවට අනුව මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලද ස්ථාන කිහිපයකට සැහැල්ලු වැසි ඇති විය හැකිය.
මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු සහ උතුරු-මැද පළාත් මෙන්ම හම්බන්තොට හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇතැම් අවස්ථාවල තද සුළං තත්ත්වයන් ද අපේක්ෂා කරන බව සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු හා හදිසි තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.



