
කාලගුණය
අද කාලගුණ අනාවැකියෙන් ප්‍රදේශ රැසකට වැසි
අද කාලගුණ අනාවැකිය අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල මෙන්ම මන්නාරම් දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බැවින් එම අවස්ථාවලදී ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ. අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමටද අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇත.
මේ අතර මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් සඳහන් වේ.
දිනය: 2026 ඔක්තෝබර් 03



