යුද්ධ සහ ගැටුම්

ඉරානයෙන් කුවේට් සහ බහරේන්හි අමෙරිකානු හමුදා කඳවුරු 8කට ප්‍රහාර

ඉරානයේ විප්ලවීය ආරක්ෂක හමුදාව පවසන්නේ කුවේට් සහ බහරේන්හි පිහිටි අමෙරිකානු හමුදා ස්ථාන 08ක් ඉලක්ක කර ප්‍රහාර මාලාවක් එල්ල කළ බවයි.

ඔවුන් සඳහන් කරන්නේ, ඉරානයට එරෙහිව සිදුකළ ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවය. එමෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කරන නෞකාවලට එරෙහිවද දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ඉරාන හමුදාව අනතුරු අඟවා තිබේ.

මේ අතර, කුවේට් සහ බහරේන් බලධාරීන් නිවේදනය කර ඇත්තේ ඉරානයෙන් එල්ල වන ප්‍රහාර ගුවන් ආරක්ෂක පද්ධති මගින් මැඩපැවැත්වීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන බැවින් ජනතාව ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙසයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button