
අද විශේෂ
මැයි 1 අද – ලෝක කම්කරු දිනය සැමරේ
ලෝක කම්කරු දිනය අද (01)ට යෙදී තිබේ.
1886 වසරේ අමෙරිකාවේ චිකාගෝ නගරයේ කම්කරුවන් පැය 8ක වැඩමුරයක් ඉල්ලා ආරම්භ කළ විරෝධතාවක් අතරතුර සිදුවූ ප්‍රහාරයකින් මියගිය කම්කරුවන් සිහිකරමින් සෑම වසරකම මැයි 1 වන දින ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස සමරනු ලබයි.
එම සිදුවීමෙන් පසු ලොව බොහෝ රටවල් කම්කරුවන්ගේ අයිතිවාසිකම් සහ දායකත්වය ඇගයීම සඳහා මැයි දින සැමරුම් සංවිධානය කිරීම සම්ප්රදායක් බවට පත්ව ඇත.
ඒ අනුව මෙවරත් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ විවිධ සංවිධාන විසින් මැයි දින පෙළපාලි, රැලි සහ ජනහමු සංවිධානය කර තිබේ.



