
ක්රීඩා
T20 ලෝක කුසලානය වනිඳුට මගහැරෙන ලකුණු
සුපිරි දඟපන්දු ක්රීඩක වනිඳු හසරංග පාදයේ මාංශ පේශි ආබාධයකට ලක්වීම හේතුවෙන්, මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට ඔහු සහභාගී වීම බොහෝ දුරට අසීරු වන බව වාර්තා වේ.
වනිඳු හසරංග වෙනුවට ශ්රී ලංකා කණ්ඩායමට තුන් ඉරියව් ක්රීඩක දුෂාන් හේමන්ත එක් කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආරංචි මාර්ග සූචිත කරයි.
විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය ඉකුත් 08 වැනිදා අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වූ අතර, එම තරගයේදී වනිඳු හසරංග මෙම ආබාධයට ලක්ව ඇති බව සඳහන් වේ.
එම තරගයෙන් ලකුණු 20ක ජයක් ලබා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වූවාය.



