කාලගුණය

සවස 2න් පසු දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි අනතුරු ඇඟවීමක්

දකුණු පළාත ඇතුළු රත්නපුර, මොනරාගල සහ කළුතර දිස්ත්‍රික්කවල අද පස්වරු 2.00ට පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම දිවයිනේ අනෙකුත් බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද සඳහන් වේ.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු–මැද පළාත්වල ඇතැම් ස්ථානවල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් දක්නට ලැබිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පැවසීය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button