
ව්‍යාපාරික
සිමෙන්ති මිල ඉහළ යයි – ඉදිකිරීම් පිරිවැය වැඩිවීමේ අවදානමක්
ශ්‍රී ලංකාවේ සිමෙන්ති මිල යළි ඉහළ දැමීමට නිෂ්පාදන සමාගම් තීරණය කර තිබේ. එම සමාගම් සඳහන් කරන්නේ, එක් සිමෙන්ති බෑගයක් සඳහා රුපියල් 150 සිට 175 දක්වා වටිනාකමකින් මිල වැඩි කර ඇති බවයි.
මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව ලෙස නිෂ්පාදන පිරිවැය ඉහළ යාම දැක්වෙයි. විශේෂයෙන්ම ඉන්ධන, ප්‍රවාහන හා ආනයන වියදම් වැඩිවීම මෙයට බලපා ඇති බව සඳහන් වේ.
මේ අතර, ඉදිකිරීම් ක්ෂේත්රයට සම්බන්ධ වැලි, ගල්, යකඩ වැනි අමුද්‍රව්‍යවල මිලද දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පෙන්වා දෙයි. එහි සභාපති ඩැරින්ටන් පෝල් මහතා පවසන්නේ, මෙම තත්ත්වය හේතුවෙන් සමස්ත ඉදිකිරීම් වියදම තවත් වැඩි වීමේ අවදානමක් පවතින බවයි.
ඉදිරියේදී ගොඩනැගිලි සහ නිවාස ව්‍යාපෘතිවල වියදම් ඉහළ යා හැකි අතර, එය පාරිභෝගිකයන්ට ද සෘජුව බලපානු ඇති බවටද අවධානය යොමුව ඇත.



