
අඟහරු ඉලක්ක කර නාසා නව යුගයකට – න්‍යෂ්ටික බලයෙන් SR-1 Freedom යානය 2028දී
අභ්‍යවකාශ ගවේෂණයේ නව අදියරක් ආරම්භ කරමින් NASA 2028 වසරේදී න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රථම අභ්‍යවකාශ යානය අඟහරු වෙත යැවීමට සැලසුම් කර ඇත. “Space Reactor 1 (SR-1) Freedom” ලෙස නම් කර ඇති මෙම මෙහෙයුම, දශක ගණනාවක් පුරා සිදුකළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස සැලකේ.
මෙම යානය සඳහා Nuclear Electric Propulsion (NEP) තාක්ෂණය භාවිතා කරමින්, කිලෝවොට් 20ක විදුලි බලයක් නිපදවිය හැකි කුඩා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් යොදා ගැනීමට නියමිතය. අඟහරු වෙත ළඟා වූ පසු “SkyFall” නමින් හැඳින්වෙන විද්‍යාත්මක මෙහෙයුම යටතේ හෙලිකොප්ටර් යානා තුනක් එහි මතුපිටට මුදා හැරීමටද සැලසුම් කර තිබේ.
මෙම හෙලිකොප්ටර් මගින් අනාගතයේදී මිනිසුන් ගොඩබැසීමට සුදුසු ස්ථාන හඳුනා ගැනීමත්, භූගතව පවතින අයිස් ජල සම්පත් පිළිබඳ ගවේෂණය කිරීමත් සිදු කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත්, 2030 වසරේදී සඳ මත බලශක්තිය නිපදවීම සඳහා “Lunar Reactor 1” නමින් වෙනත් මෙහෙයුමක් දියත් කිරීමටත්, 2030 දශකය තුළ මෙගාවොට් මට්ටමේ න්‍යෂ්ටික පද්ධති සංවර්ධනය කිරීමටත් නාසා බලාපොරොත්තු වෙයි.
නාසා පරිපාලක Jared Isaacman ප්‍රකාශ කළේ, දශක ගණනාවක් පුරා පෘථිවියෙන් පිටත භාවිතා නොකළ සංකල්ප සඳහා ආයෝජනය කිරීමෙන් පසු, දැන් අභ්‍යවකාශයේ න්‍යෂ්ටික බලශක්තිය භාවිතා කිරීමේ යථාර්ථික පියවරකට ඇමරිකාව පියඹමින් සිටින බවයි.
මෙම ව්‍යාපෘතිය, අනාගතයේ මිනිසුන් අඟහරු වෙත යැවීම සඳහා තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇතැයි විශ්වාස කෙරේ.
🌕 නාසාගේ නවතම සඳ මෙහෙයුම
NASA විසින් “Artemis II” මෙහෙයුම යටතේ ගගනගාමීන් සිව්දෙනෙකු සඳ වටා ගමන් කිරීම අද (02) ආරම්භ කර ඇත. මෙය අනාගතයේ සඳ මත ගොඩබැසීම සහ ස්ථිර මනුෂ්‍ය පදනමක් පිහිටුවීමට මූලික පියවරක් ලෙස සැලකේ.
මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා මේ වන විට ඩොලර් බිලියන 93කට ආසන්න මුදලක් වැය වී ඇති බව වාර්තා වේ.
🌍 ඇයි නැවතත් සඳට?
1960 දශකයේ “Apollo program” හරහා සඳ ජයගෙන තිබුණද, අද වන විට නැවතත් සඳ වෙත අවධානය යොමු වීමට හේතු කිහිපයක් පවතී:
1. වටිනා සම්පත්
සඳ මත හීලියම්, යකඩ සහ ටයිටේනියම් වැනි දුර්ලභ ද්‍රව්‍ය බහුලව පවතින බව විද්‍යාඥයන් පෙන්වා දෙති.
2. ජල සම්පත්
ධ්රැව ප්‍රදේශවල අයිස් ජලය සොයා ගැනීම මෙම මෙහෙයුමේ ප්‍රධාන ඉලක්කයකි. එය පානීය ජලය, ඔක්සිජන් සහ රොකට් ඉන්ධන සඳහා භාවිත කළ හැක.
3. අභ්‍යවකාශ තරගය
අතීතයේ සෝවියට් සංගමය සමඟ පැවති තරගය වෙනුවට, වර්තමානයේ China සමඟ අභ්‍යවකාශ බලය සඳහා තරගයක් පවතී.
4. අඟහරුට මග
සඳ යනු අඟහරු වැනි දුරස්ථ ග්‍රහලෝකවල ජීවිතය සඳහා අවශ්‍ය තාක්ෂණ පරීක්ෂා කිරීමට සුදුසුම ස්ථානයක් ලෙස සැලකේ.
5. පෘථිවි ඉතිහාසය
සඳ මත පවතින පාෂාණ සෞරග්‍රහ මණ්ඩලයේ ආරම්භය පිළිබඳ අගනා තොරතුරු රැගෙන යන බව විද්‍යාඥයන් විශ්වාස කරති.
මෙම සියලු මෙහෙයුම් මගින් විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රවල නව අවස්ථා නිර්මාණය වන අතර, අනාගත පරපුර අභ්‍යවකාශ ගවේෂණයට ආකර්ෂණය කිරීම ද අපේක්ෂා කෙරේ.
අභ්‍යවකාශයට ගිය ප්‍රථම බ්‍රිතාන්‍ය ගගනගාමියෙකු වන Helen Sharman පෙන්වා දෙන්නේ, එකමුතුවෙන් ක්‍රියා කළහොත් මනුෂ්‍ය වර්ගයාට ඉතා විශාල ජයග්‍රහණ අත්කර ගත හැකි බවයි.



