
අදත් දිස්ත්‍රික්ක කිහිපයකට වැසි
දිස්ත්‍රික්ක කිහිපයකට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (29) නිවේදනය කර තිබේ.
ඒ අනුව බස්නාහිර හා සබරගමුව පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි අපේක්ෂා කෙරේ. වයඹ පළාතේ ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇත.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල මෙන්ම හම්බන්තොට හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා තද සුළං හමනු ඇති බව ද සඳහන් වේ.
හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වන අතර නිරිත දෙසින් හමන සුළගේ වේගය පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වා පවතිනු ඇත.
හම්බන්තොට සිට පොතුවිල් දක්වාත්, කල්පිටිය සිට මන්නාරම, කන්කසන්තුරය හරහා මුලතිව් දක්වාත් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ඉහළ යා හැකිය. මුලතිව් සිට ත්‍රිකුණාමලය දක්වාත්, කල්පිටිය සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වාත් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැකි බව ද දැනුම්දී ඇත.
එමෙන්ම හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කල්පිටිය සිට මන්නාරම, කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර, මුලතිව් සිට ත්‍රිකුණාමලය දක්වා සහ කල්පිටිය සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකිය.
තවද කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.0 සිට 2.5 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බැවින් ධීවර හා නාවික ප්‍රජාව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.



