ව්‍යාපාරික

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 5%කින් පහළට

එක්සත් ජනපදය සහ ඉරානය අතර පැවති යුද ගැටුම් අවසන් වීමෙන් අනතුරුව බොරතෙල් මිල ලෝක වෙළෙඳපොළේ සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් සියයට 5ක පමණ අඩුවීමක් පෙන්නුම් කර ඇත.

WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 5.21කින් පහළ ගොස් අමෙරිකානු ඩොලර් 84.66ක් ලෙස සටහන් වී ඇති අතර, Brent වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 4.92කින් අඩුවී අමෙරිකානු ඩොලර් 92.02ක් දක්වා පහළ ගොස් තිබේ.

එමෙන්ම Murban වර්ගයේ බොරතෙල් මිල සියයට 9.44කින් පහළ ගොස් ඇති අතර, එහි බැරලයක නව මිල අමෙරිකානු ඩොලර් 97.05ක් ලෙස වාර්තා වී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button