
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් – දිස්ත්‍රික්ක කිහිපයකට සවස 2න් පසු වැසි
සවස 2න් පසු වැසි දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (21) නිකුත් කළ දෛනික කාලගුණ අනාවැකියේ සඳහන් කරයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම නිවේදනයේ දැක්වේ.
එමෙන්ම මොනරාගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකට පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින අතර, සෙසු බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද සහ මධ්‍යම පළාත්වල මෙන්ම හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා තද සුළං හමන බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් අනතුරු සිදුවිය හැකි බැවින්, අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ජනතාවගෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.



