
ඉරානයෙන් කටාර් අල් උඩෙයිඩ් ගුවන් කඳවුරට ප්‍රහාර
ඉරානයෙන් අල් උඩෙයිඩ් ගුවන් කඳවුරට ප්‍රහාර එල්ල කළ බව ඉරාන බලධාරීන් පවසයි. කටාර්හි පිහිටි මෙම අමෙරිකානු හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය සිදු කළ බවත්, එහිදී නඩත්තු මධ්‍යස්ථානයක් සහ අණදෙන හා පාලන පහසුකම්වලට හානි සිදු කළ බවත් ඉරානය සඳහන් කර තිබේ.
එමෙන්ම ඕමානයේ පිහිටි අමෙරිකානු නාවික හමුදා සැපයුම් හා ඉන්ධන පිරවුම් මධ්‍යස්ථානයක් වෙතද ප්‍රහාර එල්ල කළ බවට වාර්තා පළ වී ඇත.
මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහන් කර ඇත්තේ ඉරානයෙන් එල්ල වන බවට සැලකෙන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර තම ගුවන් ආරක්ෂක පද්ධති මඟින් ව්‍යර්ථ කරමින් සිටින බවයි.
ආරක්ෂක අවදානම ඉහළ යාම හේතුවෙන් කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ නිවෙස්වල හෝ ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙසත්, නිල ආරක්ෂක උපදෙස් අනුගමනය කරන ලෙසත්ය.
බහරේනයේද ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීමේ සයිරන් ක්‍රියාත්මක කර ඇති අතර, එරට බලධාරීන් ජනතාවට සන්සුන්ව සිටින ලෙස දැනුම් දී තිබේ.
අමෙරිකාව විසින් සිදු කළ ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස ජෝර්දානයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරක්ද ඉලක්ක කළ බව ඉරානය ප්‍රකාශ කර ඇති අතර, එහි අණදෙන හා පාලන මධ්‍යස්ථාන සහ MQ-9 ඩ්‍රෝන යානා රඳවා තබන පහසුකම් විනාශ කළ බවද සඳහන් කර ඇත.



